විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇනහිටී

සිස්ටම් අවුලක්... විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇනහිටී .

by Staff writer 13-02-2023 | 4:41 PM

COLOMBO ( News 1st ) -පද්ධතියේ දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට තිබේ.

ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ  අද (13) උදෑසන 10.30 සිට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස  පද්ධතිය බිඳ වැටී  ඇති බවයි.

මේ හේතුවෙන් අද එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.