.webp)
COLOMBO ( News 1st ) - කොළඹ තුරඟ තරග පිටියේදී ගෙල කපා විශ්වවිද්‍යාල සිසුවියක ඝාතනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්වවිද්‍යාල සිසුවා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ ඔහු අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඝාතනය සිදුවූ දිනයේ සැකකාර සිසුවා ඇඳ සිටි ඇඳුම් පැළදුම්, ඔහු භාවිත කළ ජංගම දුරකතනය, ලේ සාම්පල ඇතුළු නඩු භාණ්ඩ 11 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තා කැඳවීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට අවසර ලබාදුන්නේ ය.