ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි..

මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹෙයි..

by Staff writer 13-02-2023 | 5:22 PM

COLOMBO ( News 1st ) - මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කෙරෙමින් ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි. 

රජයේ මුද්‍රණාලයාධිපති ගංඟා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, කෙසේ වෙතත් මුද්‍රණ කටයුතු සඳහා මුදල් ලැබීමේ ගැටලු පවතින බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 22, 23 හා 24 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබේ. 

මෙවර ඉදිරිපත්ව තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව, හය ලක්ෂ 75,000 කට අධික වන අතර තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 15 වැනිදා තැපෑලට භාරදීමට නියමිතව තිබේ. 

මැතිවරණ කොමිසම පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 19 වැනිදා සිදු කරන බවයි.