දුම්රිය රියැදුරන් වැඩවර්ජනය අත්හිටුවයි

දුම්රිය රියැදුරන් වැඩවර්ජනය අත්හිටුවයි

by Staff writer 13-02-2023 | 4:27 PM

COLOMBO ( News 1st ) - දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. 

ඔවුන් එම වර්ජනය ආරම්භ කළේ,  දුම්රිය නිලධාරියෙකු සේවකයින් පිරිසක් සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ගවලට එරෙහිවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමත් සමග ඔවුන් එම වර්ජනය අත්හිටුවීමට පියවර ගත්තේ ය. 

මේ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 23 ක් අවලංගු කෙරිණ.