ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් නිවේදනයක්

ආගමන විගමන පාලක ජනරාල්වරයාගෙන් නිවේදනයක්

by Staff writer 13-02-2023 | 7:20 PM

COLOMBO ( News 1st ) - විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හෙට (14) වේලාවක් වෙන් කරගත් පුද්ගලයින්ට දෙපාර්තමේන්තුවට නොපැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළේ, හෙට (14) දිනයේ පැමිණීමට නියමිත අයැදුම්කරුවන් අනිද්දා (15)  දිනයේ පැමිණිය යුතු බවයි.

අනිද්දා (15) දින පැමිණීමට නියමිත අයදුම්කරුවන් ඊට පසු දිනයේත් වන ආකාරයෙන් දැනට වේලාව වෙන් කර ඇති දිනට පසු දින කාර්යාලයට පැමිණෙන්නැයි ආගමන විගමන පාලක ජනරාල්වරයා දැනුම් දී තිබේ.

ඔහු පැවසූවේ, 17 වන සිකුරාදා දිනයේ වේලාව වෙන් කර ගෙන ඇති අයැදුම්කරුවන් 18 වන සෙනසුරාදා දිනයේ කාර්යාලයට පැමිණ සේවාව ලබා ගන්නා ලෙසයි.

අද (13) අයැදුම්පත් භාරගත් සියළු දෙනාට හෙට (14)  පස්වරු 12 න් පසු දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේ කවුළුවෙන් සිය විදේශ ගමන් බලපත්‍රය ලබා ගත හැකි බවත්, හෙට පැමිණීමට අපහසු අයැදුම්කරුවන්ට කුරියර් මගින් ගමන් බලපත්‍රය නිවසටම ලබා දීමට කටයුතු කරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී  තිබේ.

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (13) උදෑසන 10.30 සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම ඇනහිටි අතර මේ හේතුවෙන් අද (13) එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් විය.