.webp)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.
වෛද්‍ය නිර්දේශවලට යටත්ව එම තීරණය ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට රජයේ රෝහල්වල ඖෂධ 140 ක පමණ හිඟයක් පවතින බවයි.
මේ වනවිට ඊට අදාළ ඇණවුම් ලබා දී ඇත.
ඉන් ඖෂධ වර්ග 40 ක් පමණ ලබන සතියේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අනුව ලබන මාසය වනවිට පවතින ඖෂධ හිඟය 75% - 80 % කින් මග හැරෙනු ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය.