.webp)
COLOMBO (News 1st) – මඩකලපුව, කොක්කඩිචෝලෙයි කන්දිමලෛයි වැවක ඔරුවක් පෙරලීමෙන් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළුව හතර දෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, අද (12) දහවල් සිදුවු අනතුරින් එලෙස මිය ගොස් ඇත්තේ ගුරුවරයෙක් සහ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට සිටි පාසල් ළමුන් තුන්දෙනෙකු බවයි.
ඔවුන් වෙල්ලාවේලි, කළුන්දාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.