මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් මුදල්අමාත්‍යාංශයට ලිපියක්

පුංචි ඡන්දයට මුදල් නිදහස් කරන්න.. - මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට ලිපියක්

by Staff writer 12-02-2023 | 1:20 PM

COLOMBO (News 1st) - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ.

ඒ, පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන්නැයි ඉල්ලමිනි.

පැෆ්රල් සංවිධානය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය, ලක්බිමේ මව්වරු සහ දියණියෝ මෙන්ම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව එම ලිපිය යොමුකර ඇත.

ඔවුන් එම ලිපියෙන් පෙන්වා දෙන්නේ, ජනතා පරමාධිපත්‍යයේ මූලික අංගයක් වන මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ අරමුදල් නිදහස් කිරීමෙන් සහාය දක්වන ලෙසය.