තුර්කි සහන මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ලකෑම්

තුර්කි සහන මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ල කෑ 50 ක් අත්අඩංගුවට

by Staff writer 12-02-2023 | 8:07 AM

News 1st - තුර්කි භූ කම්පනයේ මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර දේපොළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් 50 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි කිහිපයක් ද සොයාගත් බවයි.

මුදා ගැනීම් අතරතුර නීති කඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් කිරීම සඳහා හදිසි බලතල භාවිත කරන බව තුර්කි ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

මේ අතර ආපදාවට ලක් වූ ප්‍රදේශවල පවතින නොසන්සුන්තාව සහ ආහාර සැපයුම පහළ යාම හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ.

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 28,000 කට අධිකය.

දින කිහිපයක් සුන්බුන් අතර සිර වී සිට මුදාගත් පුද්ගලයින් පිළිබඳව ද තොරතුරු වාර්තා වී තිබේ.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 80,000 කට අධිකයි.