ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයා ගැනේ..

තුර්කි භූ කම්පනයෙන් අතුරුදන්ව සිටි ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයා ගැනේ..

by Staff writer 12-02-2023 | 7:41 PM

COLOMBO ( News 1st ) - තුර්කි භූ කම්පනයෙන් පසු දින කිහිපයක සිට අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර හමුව තිබේ.

තුර්කි ශ්‍රී ලංකා තානාපති , හසන්ති උරුගොඩවත්ත මහත්මිය සඳහන් කළේ, තුර්කි ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුර දී මෙම සිරුර හමුවූ බව ය.

වයස අවුරුදු 64 ක් වන ඇය මීගහහේන, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව  තානාපතිනිය සඳහන් කළා ය. 

භූ කම්පනය හටගත් ප්‍රදේශවල ශ්‍රී ලංකිකයින් 16 දෙනෙකු රැඳි සිට ඇති අතර ඉන් 14ක් ශිෂ්‍යයින් වේ.

මේ අතර තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ඉදිරියේ දී දෙගුණ විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට භූ කම්පන තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති පිරිස 29,000 කට අධිකය.

පසුගිය සඳුදා මැග්නිට්යුඩ් ඒකක 7.8 ක පළමු භූ කම්පනය ඇති වූ අතර ඉන් අනතුරුව පසුකම්පන රැසක් සිදු විය