.webp)
COLOMBO ( News 1st ) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති අස්වනු නෙළීමේ අවස්ථාවට එක් විය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, වී කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට සතියක් තුළ යාන්ත්‍රණයක් සකස් කරන බවයි.
පරන්තන් වෙල්යායට පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බවයි.