ගල් අඟුරුවලට ගෙවීමට මුදල් සොයා ගැනීම අර්බුදයක

ගල් අඟුරුවලට ගෙවීමට බිලියන 20 ක් සොයා ගැනීම අර්බුදයක - ගල් අඟුරු සමාගම

by Staff writer 12-02-2023 | 1:22 PM

COLOMBO (News 1st) - ගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම මාසයේදී රුපියල් බිලියන 20.2 ක මුදලක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

මේ වනවිට ගල් අඟුරු රැගත් නෞකා 3 ක් මෙරටට සේන්දු වී ඇත.

ඒවායේ අන්තර්ගත ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000 කි.

ඉන් එක් නෞකාවක තොග ගොඩබෑම මේ වනවිට සිදුවන බව ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ ය.

අනෙක් නෞකා දෙක සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 6.4 කි.

එහෙත්, ඒ සඳහා මෙතෙක් මුදල් ලැබී නැත.