.webp)
දකුණු ආසියාවේ අතිනවීනතම පහසුකම්වලින් යුත් ස්ටයින් ස්ටුඩියෝ තුළ කෙරෙන නිමැවුම් අතර සිරස ලක්ෂපති වැඩසටහනට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
එය ජාත්‍යන්තරව කීර්තියට සහ දේශීය සම්මාන රැසකට පාත්‍ර වූ වරලත් වැඩසටහනක් වීම ඊට මූලික හේතුවයි.
මෙවර සිරස ලක්ෂපති 10 වන අදියර ආරම්භ වන්නේ, ලොව පුරා විසිරී සිටින සිරස ලක්ෂපති ප්‍රේක්ෂයන්ට සජීවිව ප්‍රශ්නවලට පිළිතුරු දීමේ අවස්ථාව ද උදා කරමිනි.
ඒ, ලක්ෂපති හෝට් සීට් එකේ හීට් එක ටෙස්ට් කරන ලක්ෂපති ප්ලේ අලෝන් වෙබ් ඇප් එක හරහාය.
www.sirasatv.lk අපගේ වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම ලක්ෂපති ප්ලේ අලෝන්ප QR කේතය හරහා ලියාපදිංචි වී ලක්ෂපති වැඩසටහනේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ අවස්ථාව උදාවනු ඇත.
ඒ හරහා සෑම වැඩසටහනකටම ජයග්‍රාහකයෙක් සෑම සති අන්තයකටම හා සෑම අදියරයකටම ජයග්‍රාහකයෙකු තෝරා ගනු ලබයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලක්ෂපති නිල ෆේස්බුක් පිටුව හරහා ඔබට ලබා ගත හැකියි.
සුපුරුදු පරිදි 7788 අමතා ඔබ සියලු දෙනාට මේ තරඟයට එක්වීමේ අවස්ථාව හිමි වේ.