වැල්ලවායට මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක්..

වැල්ලවායට මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක්.අනතුරුදායක තත්ත්වයක් නැහැ - භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

by Staff writer 11-02-2023 | 9:06 AM

COLOMBO (News 1st) – වැල්ලවාය නගරය ආශ්‍රිතව අද(11) අලුයම මැග්නිටියුඩ් ඒකක 2.3 ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. 

කෙසේ නමුත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරන්නේ, භූ චලනයෙන් අනතුරුදායක තත්ත්වයක් නොමැති බවයි.