භාවනා මධ්‍යස්ථානයක සොරකමක් කළ අයෙකු කොටු..

මුල්ලේරියාවේ භාවනා මධ්‍යස්ථානයක ලක්ෂ ගාණක ප්‍රතිමා සොරා ගත් අයෙකු අත්අඩංගුවට..

by Staff writer 11-02-2023 | 9:46 AM

COLOMBO (News 1st) – මුල්ලේරියාවේ භාවනා මධ්‍යස්ථානයක තිබූ රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා ශීව දේව ප්‍රතිමාවක් , කතරගම දේව ප්‍රතිමාවක් සහ කුඩා චෛත්‍යක් සොරා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය සඳහන් කළේ, සැකකරු ඊයේ(11) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු කැලණි ගඟට පැන පිනා ගිය බවයි. 

නැවත ගොඩට එන අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරුට එරෙහිව මුල්ලේරියාව පොලිස් වසමේ ගෙවල් හා වෙළෙඳසැලක් බිඳ දේපල සොරා කෑම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළේ ය. 

ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.