.webp)
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, එම මුදල් ලබන සතියේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදෙන බවයි.
ඒ අනුව මිලදී ගන්නා වී තොග කුඩා පරිමාණ මෝල් හිමියන්ට ලබාදී සහල් බවට පත්කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඉන් අනතුරුව එම සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 30 කට නොමිලේ සළාකයක් ලෙස මාස දෙකක් ලබාදීම රජයේ අපේක්ෂාවයි.
මේ අතර මහ කන්නයේ තම අස්වනු අලෙවි කරගත නොහැකිව මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි.
ඔවුන් පවසන්නේ පෞද්ගලික වෙළෙඳුන් තම අස්වැන්න ඉතා අඩු මුදලකට මිලදී ගන්නා බවයි.