බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක්..

බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 11-02-2023 | 3:00 PM

COLOMBO (News 1st) - බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

බරවා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ , පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 600කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.

රෝගය පිළිබඳ නොදැනුවත්කම බරවා රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇතැයි ඇය පෙන්වා දෙයි.