.webp)
COLOMBO (News 1st) – තුර්කි-සිරියා භූ කම්පනවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 23,700ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහිදී තවත් 80,000කට වැඩි පිරිසක් තුවාල ලැබුවේ ය.
පසුගිය සඳුදා අලුයම 4. 17 ට පමණ තුර්කියේ, ගැසියන්ටෙප් ප්‍රදේශය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7.8ක පළමු භූ කම්පනය ඇතිවිය .
ඉන් අනතුරුව ඇතිවූ ප්‍රභල පසුකම්පන හේතුවෙන් ගොඩනැගිලි දහස් ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.
විදෙස් රටවල ද සහය සමඟින් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අවතැන් වී සිටින පුද්ගලයින් සදහා මානුෂීය ආධාර සපයන ලෙස තුර්කි - සිරියා ජනාධිපතිවරුන් ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේ ය.
මීට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව ඩොලර් මිලියන 85ක ආධාර පැකේජයක් ඔවුන්ට ලබාදීමට සූදානම් ය.