වෝන්ගේ වත්කම් දරුවන් අතරේ බෙදෙයි..

සුපිරි ක්‍රිකට් තරුව ශේන් වෝන්ගේ ඩො. මිලියන ගාණක වත්කම් දරුවන් අතරේ බෙදෙයි: හිටපු බිරිඳට කිසිවක් නැහැ

by Staff writer 10-02-2023 | 5:03 PM

COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන්ට හිමිව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වන වත්කම් සිය දරු තිදෙනාට හිමිවී තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අවසන් කැමති පත්‍රයට අනුව වෝන්  සිය සුවිසල් වත්කම් දරුවන් වන සමර්, ජැක්සන් සහ බෲක් වෝන් වෙත පවරා ඇති බවයි.  

මේ අතර වෝන් සිය වතුපිටිවලින්  2%ක් ඔහුගේ සොහොයුරා වන ජේසන් වෝන්ට ද 2.5% බැගින් ඥාති දියණියකට සහ 
පුත්‍රයෙකුට ද පවරා දී තිබීම විශේෂත්වයකි. 

කෙසේවෙතත්  2021 දෙසැම්බර් 03 දාතමින් යුත් කැමති පත්‍රයට අනුව  ඔහු සිය හිටපු බිරිඳ වන  සිමෝන් කැලහාන්ට කිසිවක්  ලබාදී  නොමැත. 

තව ද මෙල්බර්න්හි ශාන්ත කිල්ඩාහි දේපොළක අමෙරිකානු  ඩොලර් මිලියන 1.2 ක තැන්පතුවක් ද  පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු ගිණුමක ඩොලර් මිලියන 5 ක් ද ඇතුළුව තවත් බොහෝ වත්කම් තිබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.   

මේ අතර අවසන් කැමැත්තට අනුව වෝන් අමෙරිකානු ඩොලර් 350,000ක Mercedes-Benz රථයක් ද  ඇතුළුව ඔහුගේ විශාල මෝටර් රථ එකතුව පවරා ඇත්තේ, ජැක්සන්ටයි.   

තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී හෘදයාබාධයක් වැළඳී ශේන් වෝන්ට  2022 වසරේ මාර්තු 4 වැනිදා ජීවිතයෙන් සමුගත්තේ ය.