.webp)
COLOMBO ( News 1st ) – තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබේ.
මේ වනවිට තුර්කි වැසියන් 17,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, සිරියාවේ මියගොස් ඇති සංඛ්‍යාව 3000කට අධිකයි.
ගොඩනැගිලි 6140 කට අධික සංඛ්‍යාවක් මුළුමුනින්ම විනාශ වීම හේතුවෙන් ලක්ෂ ගණනක් වූ පිරිසකට තම වාසස්ථාන අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
විදෙස් රටවල් 56කින්ද සහය ඇතිව මේ වනවිට යොදා ඇති සමස්ථ මුදා ගැනීමේ පිරිස 113,000කට අධිකයි.
මේ අතර, භූ කම්පනය සිදු වී දින කිහිපයක් ගත වුවද සුන්බුන් අතර සිරවී සිට තවමත් නිරුපද්‍රිතව ඇතැම් පුගලයින් හමුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සඳුදා අලුයම ඇති වූ එම භූකම්පනයෙන් පසුව ගතවූ වූ දින කිහිපයේ පසු කම්පන 1,100කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.