English
தமிழ்
කර්තෘ Staff writer
10 Feb, 2023 | 5:03 pm
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අවසන් කැමති පත්‍රයට අනුව වෝන් සිය සුවිසල් වත්කම් දරුවන් වන සමර්, ජැක්සන් සහ බෲක් වෝන් වෙත පවරා ඇති බවයි.
මේ අතර වෝන් සිය වතුපිටිවලින් 2%ක් ඔහුගේ සොහොයුරා වන ජේසන් වෝන්ට ද 2.5% බැගින් ඥාති දියණියකට සහ
පුත්‍රයෙකුට ද පවරා දී තිබීම විශේෂත්වයකි.
කෙසේවෙතත් 2021 දෙසැම්බර් 03 දාතමින් යුත් කැමති පත්‍රයට අනුව ඔහු සිය හිටපු බිරිඳ වන සිමෝන් කැලහාන්ට කිසිවක් ලබාදී නොමැත.
තව ද මෙල්බර්න්හි ශාන්ත කිල්ඩාහි දේපොළක අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක තැන්පතුවක් ද පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකු ගිණුමක ඩොලර් මිලියන 5 ක් ද ඇතුළුව තවත් බොහෝ වත්කම් තිබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර අවසන් කැමැත්තට අනුව වෝන් අමෙරිකානු ඩොලර් 350,000ක Mercedes-Benz රථයක් ද ඇතුළුව ඔහුගේ විශාල මෝටර් රථ එකතුව පවරා ඇත්තේ, ජැක්සන්ටයි.
තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී හෘදයාබාධයක් වැළඳී ශේන් වෝන්ට 2022 වසරේ මාර්තු 4 වැනිදා ජීවිතයෙන් සමුගත්තේ ය.
04 Jun, 2023 | 08:06 AM
30 May, 2023 | 10:01 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS