.webp)

COLOMBO ( News 1st ) - රජයේ නව බදු, අධිකරණ විනිසුරුවරුන්ගෙන් අය නොකරන ලෙසට අභියාචනාධිකරණය පසුගිය 24 වැනිදා නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගය අද ( 09) යළි දීර්ඝ කර තිබේ.
ඒ ඊට අදාළව අභියාචනාධිකරණයේ ඇති පෙත්සම සලකා බැලීම අවසන් වෙන තෙක් මෙම තහනම බලාත්මක වන අතර රුපියල් ලක්ෂයකට ඉහළ ආදායම් ලබන සියලු දෙනාගෙන් 6% සිට 36% දක්වා අනුපාතයන් යටතේ බදු අය කිරීමට රජය පසුගිය මාසයේ සිට පියවර ගනු ලැබුණි.
කෙසේ වෙතත්, එම තීරණය අභියෝගයට ලක්කරමින් අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය අභිචනාධිකරණයට ගොනු කළ රිට් ආඥා පෙත්සමක් හේතුවෙන් අදාළ බදු විනිසුරුවරුන්ගෙන් අය කිරීම අත්හිටුවනු ලැබීය..
පෙත්සම අද (09) සළකා බැලු අභියාචානාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේ, පෙත්සම සළකා බැලීම අවසන් වනතුරු අදාළ අතුරු තහනම දීර්ඝ කරන ලෙසයි.
පෙත්සම වැඩිදුර සළකා බැලීම සඳහා ලබන 21 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය..
