.webp)
විශේෂඥ වෛද්‍යවරුන්, රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් සහ රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් ඊයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටියහ.
මේ හේතුවෙන් රජයේ රෝහල් බොහෝමයක දෛනික සායන සහ බාහිර රෝගී සේවාවන් අඩාල වුණි.
රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික රෝහල්වල ද වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්ව සිටියේ, නව ආදායම් බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම, ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමිනි.
කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර හා විශේෂිත රෝහල්වල කටයුතුවල වෛද්‍යවරුන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේ රජයේ පාර්ශ්වයෙන් නිසි විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඒ සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවයි.
මේ අතර වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ, ආණ්ඩුව සිය ඉල්ලීම්වලට කන්නොදෙන්නේ නම් එලඹෙන 17 වැනි දායින් පසු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹෙන බවයි.