මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී කාන්තාවක් මරුට

මාතලේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී කාන්තාවක් මරුට

by Staff writer 09-02-2023 | 7:33 PM

COLOMBO ( News 1st ) - මාතලේ රිවස්ටන් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මාතලේ රිවස්ටන් ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම  අනතුර සිදු වී ඇති බවයි.

අදාළ අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.