තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන් ලක්ෂ 6 ඉක්මවයි..

තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන් ලක්ෂ 6 ඉක්මවයි..

by Staff writer 09-02-2023 | 6:21 PM

COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හය ලක්ෂ 76,873 ක් සුදුසුකම් ලබා තිබේ.

ඒ අතරින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව, 75 579 කි.

මෙවර අඩුම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව මුලතිව් දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී තිබූ අතර එම සංඛ්‍යාව, 3187 ක් වේ.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ලබන 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි.