මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය

මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය

මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය

කර්තෘ Staff writer

09 Feb, 2023 | 11:02 am

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නිති උල්ලංඝණය කර ඇති බව පෙනී යන බැවින් , ඇය අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම් දුන්නේ ය. 

ඒ , සමාජ ක්‍රියාකාරිකයෙකු වන කුසල ලක්මාල් හේරත් මහතා ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදියි. 

ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් , ඇගේ උප්පැන්න සහතික , ජාතික හැඳුනුම්පත මෙන්ම විදේශ ගමන් බලපත්‍රය ද ව්‍යාජ බවත් , ඇයට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස එම පැමිණිල්ල ගොනු කර තිබිණ. 
 
අද මෙම නඩුව කැඳවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ , ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බව මේ වන විට තම අධිකරණයට ඉදිරිපත්වී ඇති ලේඛන අනුව පැහැදිලි වන බවත් , ඒවා ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි බැවින් ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරිමක් අවශ්‍ය නොමැති බවයි. 

එම වැරදි සම්බන්ධයෙන් ආගමන විගමන පනත යටතේ සුදුසු ලෙස කටයුතු කිරිමේ හැකියාව විමර්ශන නිලධාරින්ට හිමිවී ඇතැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ය. 

ඩයනා ගමගේ මහත්මිය එලෙස ව්‍යාජ උප්පැන්න දෙකක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි නොවේ දැයි මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසා සිටි අතර ඔවුන් අධිකරණයෙ නැඟු එම පැනවලට කිසිදු පිළිතුරක් ලබා නොදි නිහඬව සිට ඇත. 

මෙම නඩුව ලබන මාර්තු 02 වැනිදා යළි කැඳවීමට නියමිතයි.  
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]