පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

09 Feb, 2023 | 7:10 am

COLOMBO (News 1st) – පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් 4 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඔවුන් සොයා ගත් බවයි. 

අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන් නොවන බවට හඳුනා ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් සතුව තිබී අත්විලංගු යුවළක් සහ ව්‍යාජ අංක තහඩු 3 ක් ද සිය භාරයට ගත් බවයි.

25, 26, 27 සහ 42 හැවිදිරි සැකකරුවන් මුල්ලේරියාව, ගිංතොට හා එල්ලක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් යම් අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටියාදැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]