ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්

කර්තෘ Staff writer

09 Feb, 2023 | 1:53 pm

COLOMBO (News 1st) – ගිනිගත්හේන, පේරගහමුල ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරු දෙකක් හමුව තිබේ. 

පොලිසිය පවසන්නේ එකම පවුලේ මව හා දියණියගේ සිරුරු මෙලෙස සොයා ගත් බවයි. 

නිවසින් දුර්ගන්දධයක් හැමීම නිසා ,  ප්‍රදේශවාසින් පොලිසියට කළ දැනුම් දීමක් අනුව මළ සිරුරු සොයා ගැනිණ. 

මිය ගොස් සිටින මවගේ වයස අවුරුදු 50ක් වන අතර දියණියගේ වයස අවුරුදු 30 කි. 

මියගිය කාන්තාවගේ සැමියා හා පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියාවන්හි නිරත වී සිටින්නන් බව ද පොලිසිය සඳහන් කළේ ය. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]