ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

කර්තෘ Staff writer

09 Feb, 2023 | 9:28 am

COLOMBO (News 1st) – මුජිබුර් රහුමාන්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. 

පසුගිය මස 20 වැනිදා මුජිබුර් රහුමාන්  පාර්ලිමේන්තු මන්ත්‍රී  ධුරයෙන්  ඉල්ලා අස්වූයේ,  ඉදිරි පළාත් පාලන ඡන්දයේදී සමගි ජන බලවේගය යටතේ  කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහායි. 

ඒ අනුව මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. එච්. එම් ෆවුසි මහතාගේ නම පසුගිය මස 25 වැනිදා  ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]