English
தமிழ்
කර්තෘ Staff writer
09 Feb, 2023 | 12:56 pm
COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයන්නැයි , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ඒ , රාජ්‍ය ආදායම් යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණිනි.
රජයේ කටයුතු සඳහා පෙර සිදු කළ පරිදි අරමුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද බාධාවක් බව ජනාධිපතිවරයාගේ අදහසයි.
වැටුප් ගෙවීම, ණය සේවා, විශ්‍රාම වැටුප් , රෝහල් වෛද්‍ය සැපයුම් , මාසික සමෘද්ධි සහනාධාර , වැඩිහිටි මූල්‍ය ආධාර , ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍ය ආධාර , වකුගඩු රෝගීන්ට මූල්‍ය ආධාර සැපයීම , ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් වූවන්ට මූල්‍යාධාර ලබා දීම සඳහා අරමුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
මීට අමතරව 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, රණවිරු සහ ආබාධිත රණවිරු දීමනා, රණවිරු මාපිය රැකවරණ දීමනාව, කල් දැමිය නොහැකි විදුලිය, ජලය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය විදුලි සංදේශ සේවා සඳහා ද ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇති.
රෝහල්, බන්ධනාගාර, ආරක්ෂක අංශ සඳහා ආහාර සැපයුම් , නඩත්තු සේවා , ගොඩනැගිලි කුලී, පිරිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් අනුව ගෙවීම්, සේවක අර්ථ සාධක වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා පොහොර සහනාධාරය සැපයීමට වෙන් කළ ප්‍රතිපාදනවල ද වෙනසක් සිදුවන්නේ නැහැ.
01 Dec, 2023 | 05:15 PM
01 Dec, 2023 | 01:17 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS