.webp)
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, කොළඹ වරායට ලැබුණු එම ඖෂධ තොගය මේ වනවිට රේගු නිශ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති බවය.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
මේ අතර මෙරට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 ක් පමණ ඇණවුම් කර ඇති අතර ඒවා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.