පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 08-02-2023 | 6:28 AM

COLOMBO (News 1st) - නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදු කෙරේ.

ඒ සඳහා වන උත්සවය ආරම්භ කෙරෙන්නේ අද පෙරවරු 9.30 ටයි.

ජනාධිපතිවරයා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

චාම් උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.