.webp)
ඒ සඳහා වන උත්සවය ආරම්භ කෙරෙන්නේ අද පෙරවරු 9.30 ටයි.
ජනාධිපතිවරයා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
චාම් උත්සවයක් ලෙස මෙය පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති අතර ඒ අනුව ත්රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.