හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් රටට ගෙන්වයි..

හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් රටට ගෙන්වයි..

හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් රටට ගෙන්වයි..

කර්තෘ Staff writer

08 Feb, 2023 | 6:31 am

COLOMBO (News 1st) – හිඟව පැවති පිළිකා නාශක ඖෂධ වර්ග 43 ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, කොළඹ වරායට ලැබුණු එම ඖෂධ තොගය මේ වනවිට රේගු නිශ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති බවය.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර මෙරට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 ක් පමණ ඇණවුම් කර ඇති අතර ඒවා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]