තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

08 Feb, 2023 | 8:25 am

News 1st – තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබේ.

තුර්කි බලධාරීන් සඳහන් කළේ, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් විදෙස් රටවල ද සහය මත අඛණ්ඩව ක්‍රියාත්මක බවය.

ගලවාගැනීමේ මෙහෙයුම්වලට පවතින දැඩි සීත කාලගුණය දැඩි බලපෑම් එල්ල වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගසය, නේටෝ ඇතුළු සංවිධාන මෙන්ම අමෙරිකාව , එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය , ඉරාකය, ඉරානය, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය, ග්‍රීසිය , පකිස්ථානය ඇතුළු ලොව බොහෝ රටවල් මේ වනවිට තුර්කියේ සහ සිරියාවට සහන සැලසීමට එක්ව සිටී.  

තුර්කි වේලාවෙන් පෙරේදා (06) අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ   මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී  පැය 12කට පසුව සුළු පසුකම්පනවලට අමතරව ප්‍රබල පසු කම්පනයක් ද වාර්තා විය.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]