ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

කර්තෘ Staff writer

08 Feb, 2023 | 5:55 am

1. වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි – උපයනවිට බදු අයකිරීම ඇතුළු බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ, සමන් රත්නප්‍රිය මහතා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කර තිබේ.

2. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන් – පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද  (08) විවෘත කිරීමට සූදානම් වේ.

3. පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය – ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ එකතුවක් වන පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (07) පස්වරුවේ නිවේදනය කළේ ය.

4. උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා – අ.පොස උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට තම කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය නොසළකා හැරීමෙන් සිදු කළ අපහාසයට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරිමේ නඩුව ඊයේ (07)  දින සලකා බැලීම අවසන් කෙරිණ. 

5. තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි – සිරියානු දේශ සීමාවට ආසන්නව තුර්කියේ ඊයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබේ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]