English
தமிழ்
කර්තෘ Staff writer
08 Feb, 2023 | 6:58 am
ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි.
වෛද්‍ය, විදුලි, වරාය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් අද පැවැත්වෙන විරෝධතාවට එක්වනු ඇත.
ප්‍රධාන විරෝධතා රැළිය පැවැත්වෙන්නේ, කොළඹ හයිට් පිටියේදීයි.
වෘත්තිකයින්ගේ විරෝධතා දිනයට සහය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලත් පැය 24 ක මෙම සංඛේත වර්ජනය ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් ළමා, මාතෘ, පිළිකා ඇතුළු රෝහල් කිහිපයක එය ක්‍රියාත්මක නොකරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් ද අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස බලකරමිනි.
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයත් අද එක්දින සංඛේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
විදුලිය, ජලසම්පාදන, ඛනිජ තෙල් සහ වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් අද දහවල් කොළඹ කොටුවේදී ඒකාබද්ධ විරෝධතාවක නිරත වන්නේ ඒ අතර වාරයේයි.
වරාය වෘත්තීය සමිති අද පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනු ඇත.
ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පැවසුවේ, තම සංගමයේ සියලු සාමාජිකයින් අද දිනයේ සේවාවලින් ඉවත් වන බවයි.
ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ද අද පැවැත්වෙන විරෝධතාවයට එක් වන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පැවසුවේ ය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ, තම සාමාජිකයින් අද දිනයේ ලෙඩ නිවාඩු මත සේවායට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බවයි.
අසාධාරණ බදු පනතට විරෝධය පළ කිරීම මෙහි අරමුණ වේ.
ජල සම්පාදන සේවක සංගමය ද අද පැවැත්වෙන විරෝධතාවට එක්වෙන බව එහි සමලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළේ ය.
මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසුවේ, අද දිනයේ බැංකු ගනුදෙනු පෙරවරු 10.30 ට අත්හිටුවීමට තම සාමාජිකයින් තීරණය කර ඇති බවයි.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS