English
தமிழ்
කර්තෘ Staff writer
07 Feb, 2023 | 9:04 pm
COLOMBO (News 1st) – උපයනවිට බදු අයකිරීම ඇතුළු බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ, සමන් රත්නප්‍රිය මහතා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවා සාකච්ඡා කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මතුව ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් හා යෝජනා මෙම සාකච්ඡා තුළින් ලබාගෙන කඩිනම්, කෙටිකාලීන විසඳුම් යෝජනාවක් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරන බව සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළ බව ය.
නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තීය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් යම් සහනයක් ලබාදීමට හැකි කෙටි කාලීන ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව තිබෙන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා මෙහිදී දැනුම් දී තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ, කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කරන අතර එය අනෙකුත් ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් වන බව ය.
මෙම නව බදු ප්‍රතිපත්තිය මගින් පුද්ගල ආදායම මත අයකරන බදු ක්‍රමයේ ගැටළු පවතින බවත්, බදු ප්‍රතිපත්ති සකස් කිරීමට පෙර වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කරන ලෙසත් මෙහිදී වෘත්තීය සමිති ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකු වන ලෙස්ලි දේවේන්ද්‍ර සහ පොදුජන පෙරමුණේ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයෙකු වන බන්දුල සමන් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS