රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී

රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී

රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී

කර්තෘ Staff writer

07 Feb, 2023 | 8:24 am

COLOMBO (News 1st) – ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක් තුළ තිබී දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් භාවිත කරන මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් පොලීසිය සොයා ගෙන තිබේ.

ඒ, පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුවයි. 

විවිධ පුද්ගලයින්ට ව්‍යාජ සහතික සකස් කරදීම සඳහා මෙම මුද්‍රා භාවිත කරන්නට ඇතැයි, පොලීසිය සැක පළ කරයි. 

දිවයිනේ විවිධ පැසල්වල විදුහල්පතිවරුන්, නීතිඥවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ නිල මුද්‍රාවලට සමාන මුද්‍රා පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]