මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්

මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්

මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්

කර්තෘ Staff writer

07 Feb, 2023 | 7:04 am

COLOMBO (News 1st) – මේ වසරේ ශ්‍රී ලාංකිකයින් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක් ලැබී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉතිහාසයේ ලද වැඩිම රැකියා අවස්ථා සංඛ්‍යාව මෙය බවයි. 

එය පසුගිය වසරට වඩා 28.79% ක වැඩිවීමකි.

කොරියානු රැකියා අපේක්ෂාවෙන් අයැදුම්කරුවන් 14,588 දෙනෙකුට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව නිෂ්පාදන අංශය සඳහා 12,189 දෙනෙකුට, ධීවර අංශය සඳහා 2149 දෙනෙකුට සහ ඉදිකිරීම් අංශය සඳහා 250 දෙනෙකුට කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවස්ථාව හිමි වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

මේ අතර කොරියානු රැකියා සඳහා විභාගයට අයැදුම්පත් භාර ගැනීම ලබන 13 වැනි දා ආරම්භ වනු ඇති.

ලබන  22 වැනි දා දක්වා Online ක්‍රමයට ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]