English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
07 Feb, 2023 | 8:59 am
COLOMBO ( News 1st ) – Update : සිරියානු දේශසීමාවට ආසන්නව තුර්කියට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් 8 ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ඒ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වීම හමුවේ තවදුරටත් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළයමින් පවතින බැවිනි.
ඊයේ උදෑසන පළමු භූ කම්පනය සිදුවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා වේගයෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගිය අතර විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,500 ඉක්මවා ගොස් තිබේ.
මේ වනවිට ප්‍රදේශයේ පවතින දැඩි ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් භූ කම්පනයත් සමග බිමට සමතලා වූ විශාල ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීම මේ වනවිට අසීරු කාර්යයක් බවට පත්ව තිබේ.
ලොව බොහෝ රටවල් විශේෂඥ කණ්ඩායම් ද ඇතුළුව තුර්කියට සහ සිරියාවට සහන කණ්ඩායම් යොමු කිරීම පියවර ගෙන සිටින අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් සහිත කඳු අතරින් දිවි ගලවා ගත් පිරිස් සොයා හිම සහිත තත්ත්වයන් යටතේ ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.
තුර්කි වේලාවෙන් ඊයේ අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව දෙවන වරටත් ප්‍රබල පසු කම්පනයක් උතුරු දෙසට වන්නට සිදු විය.
භූ කම්පනවලින් තුර්කියේ ප්‍රධාන නගර රැසකට බලපෑම් සිදුව තිබූ අතර සිරියාව, සයිප්‍රසය, ජොර්දානය ,ලෙබනනය ,ජොර්ජියා ඇතුළු රටවල් රැසකට ද ඉන් බලපෑම් එල්ල විය.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS