English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
07 Feb, 2023 | 3:43 pm
COLOMBO ( News 1st ) – සිරියානු දේශ සීමාවට ආසන්නව තුර්කියේ ඊයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,000 ඉක්මවා ගොස් තිබේ.
තුර්කි උප ජනාධිපති ෆුවාට් ඔක්ටේ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර කරන්නේ, තුර්කියෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 3,419 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
භූ කම්පනයෙන් තුර්කියේ පුද්ගලයින් 20,534 දෙනෙකු තුවාල ලබා ඇති බවත් 6,000 කට ආසන්න ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවත් සඳහන් ය.
භූ කම්පනයෙන් පසු සිරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,602 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරියට අනුව මේ වනවිට සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටින සහන සේවකයින් සංඛ්‍යාව 24,400 කට අධික ය.
කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින අධික ශීත සහිත කාලගුණික තත්ත්වය මේ වනවිට මෙම මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයි දවාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගසය, නේටෝ ඇතුළු සංවිධාන මෙන්ම අමෙරිකාව , එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය , ඉරාකය, ඉරානය, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය, ග්‍රීසිය , පකිස්ථානය ඇතුළු ලොව බොහෝ රටවල් මේ වනවිට තුර්කියේ සහ සිරියාවට සහන සැලසීමට එක්ව සිටී.
තුර්කි වේලාවෙන් ඊයේ අලුයම පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය සිදුවී පැය 12කට පසුව සුළු පසුකම්පනවලට අමතරව ප්‍රබල පසු කම්පනයක් ද වාර්තා විය.
29 Mar, 2023 | 10:20 AM
27 Mar, 2023 | 03:52 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS