English
தமிழ்
කර්තෘ Staff writer
07 Feb, 2023 | 8:11 am
තුර්කි උපජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ, තුර්කියේ පමණක් මේ වනවිට පුද්ගලයින් 2379 දෙනෙකු මියගොස් ඇති බවයි.
තුවාල ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 14, 483 කි.
භූ කම්පනවලින් ගොඩනැගිලි 4748 කට හානි සිදුව ඇති අතර පුද්ගලයින් 7840 දෙනෙකු මුදා ගෙන ඇතැයි ද එරට උපජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
භූ කම්පනවලින් සිරියාවේ ද පුද්ගලයින් 1444 කු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
මේ අතර තුර්කියට බලපෑ ඇති අධික සීත කාලගුණය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් ය.
එරට සහන කටයුතු සඳහා අමෙරිකාවෙන් කණ්ඩායම් දෙකක් යොමු කිරීමට ද පියවර ගෙන තිබේ.
තුර්කියේ අමෙරිකානු තානාපතිවරයා පැවසුවේ, වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම් ඒ සඳහා අනියුක්ත කරන බවයි.
මීට අමතරව තුර්කි – සිරියා භූ කම්පනවලින් විපතට පත් පුද්ගලයින් සඳහා ආධාර ලබා දෙන බවට ලොව පුරා රාජ්‍ය නායකයින් ප්‍රතිඥා දුන්හ.
රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් සහ ආධාර යැවීමට ප්‍රතිඥා දී ඇති බව සිරියානු ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ද පැවසුවේ, සහන කණ්ඩායම් තුර්කියට සහ සිරියාවට යෙදවීමට ඔවුන් සූදානම් බවයි.
මේ අතර යුරෝපා සංගමය, ඉන්දියාව, චීනය, යුක්රේනය ඇතුළු රටවල් සහ සංවිධාන රැසක් විපතට පත් පුද්ගලයින් සඳහා ආධාර ලබාදීමට ඉදිරිපත් වී සිටි.
මේ අතර අතුරුදන්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ කර ගැනීමට නොහැකි වී ඇතැයි තුර්කියේ ශ්‍රී ලංකා තනාපති හශාන්ති උරුගොඩවත්ත මහත්මිය පැවසුවාය.
ඇය සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු එම ප්‍රදේශවල සිටින බවත් ඉන් 13 දෙනෙකුට කිසිදු ප්‍රශ්නයක් ඇති වී නොමැති බවට තොරතුරු ලැබී ඇති බවයි.
29 Mar, 2023 | 10:20 AM
27 Mar, 2023 | 03:52 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS