තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි

තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි

තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි

කර්තෘ Staff writer

07 Feb, 2023 | 10:47 am

COLOMBO (News 1st) – තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය සොයා ගෙන ඇතැයි, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක සඳහන් කළේ, කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි.

මුල් අවස්ථාවේ, ඇය සිටි ගොඩනැගිල්ල කඩා වැටුණ බවටත්, ඉන් පසු ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එහි සිටි පිරිස් ඉන් ඉවත්ව ඇති බවටත්, පසුව ඇයගේ ජංගම දුරකතනය හමුවූ බවටත් තොරතුරු ඇතැයි, අදාළ නිලධාරිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය. 

මේ අතර භූ කම්පනයේ බලපෑමට ලක්වූ  ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සිට ඇති බවත් ඉන් 13  නිරුපද්‍රිතව සිටින බවට ත්  තොරුතුර ඇති බවත් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ ය. 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, තුර්කි භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 8 ගුණයකින් ඉහළ යා හැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]