උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා

උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා

උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා

කර්තෘ Staff writer

07 Feb, 2023 | 4:20 pm

COLOMBO ( News 1st ) – අ.පොස උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට තම කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය නොසළකා හැරීමෙන් සිදු කළ අපහාසයට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරින්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ අධිකරණයට අපහාස කිරිමේ නඩුව අද (07)  දින සලකා බැලීම අවසන් කෙරිණ. 

එම නඩුව ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදී අද (07) සළකා බැලූ අතර එම සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම්කරුවන් එනම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඉල්ලා ඇති පරිදි විදුලිය විසන්ධි කිරිම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද? සහ වගඋත්තරකරුවන් අධිකරණයට කැඳවීමට නොතීසි නිකුත් කරන්නේ ද ? යන නියෝගය ලබන බ්‍රහස්පතින්දා හෝ  සිකුරාදා දිනය ඇතුළත නිකුත් කරන බවයි.

අද (07) දින රාත්‍රි 9.00 ට පෙර ලිඛිත දේශන අධිකරණයේ රෙජිස්ට්‍රාවරයා වෙත ගොනු කරන ලෙසට ද විනිසුරු මඩුල්ල සියලු පාර්ශ්වවලට  නියෝග කළ  අතර  එහිදී  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්  සභාව වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා මෙන්ම වග උත්තරකාර ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඇතුළු සෙසු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වනු ලැබිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]