English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
07 Feb, 2023 | 11:09 am
COLOMBO ( News 1st ) – තුර්කිය සහය ඉල්ලන ඕනෑම අවස්ථාවක හමුදා කණ්ඩායමක් පිටත් කර හැරීමට සූදානම් බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, ඉංජිනේරු සහ වෛද්‍ය බලඇණිවල සමාජිකයින් ද ඇතුළත්ව 300 ක හමුදා සමාජිකයින් පිරිසක් ඒ සඳහා සූදානම් කර ඇති බවයි.
ප්‍රබල භූ කම්පනයෙන් පසු තුර්කියේ සහන සේවා…
ප්‍රදේශයේ පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්ත්වය යටතේ වුව ද මේ වනවිට ලොව බොහෝ රටවල් තුර්කියේ සහ සිරියාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පිටත්ව ගොස් සිටින අතර විදෙස් වාර්තා පවසන්නේ, ඉරාකය සහ ඉරානය මේ වනවිට හදිසි සැපයුම් ද සමගින් සහන කණ්ඩායම් සිරියාව බලා පිටත් කර ඇති බවයි.
තුර්කියේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සහය වීම සඳහා ජපානය ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කිය වෙත යවා තිබේ.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයත් , අමෙරිකාව, දකුණු කොරියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් භූ කම්පනයෙන් පීඩාවට පත් පිරිසට සහන සැලසීමට මෙන්ම මුදා ගැනීමේ මෙහෙයුම් සඳහ සහය වීමට සහන කණ්ඩායම් පිටත් කර හැර ඇත.
තව ද ආහාර, වෛද්‍ය උපකරණ , ඇඟලුම් , ඉන්ධන, ඖෂධ, ප්‍රථමාධාර, තාවකාලික නවාතැන් ඉදි කර ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු සැපයුම් ලබා දීම සඳහා ලොව බොහෝ රටවල් ඉදිරිපත්වී සිටී.
මේ අතර තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාව පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව , තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ය.
සිරියානු දේශ සීමවට ආසන්නව තුර්කියේ සිදු වූ තුර්කි භූ කම්පනයෙන් පසු දෙරටින්ම වාර්තා වන මරණ සංඛ්‍යාව මේ වනවිට 3,500 ඉක්මවා ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, මරණ සංඛ්‍යාව 8 ගුණයකින් ඉහළ යා හැකි බවටයි.
භූ කම්පනයත් සමග දෙරටේම් ගොඩනැගිලි දහස් ගණනක් බිමට සමතලා වී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තබිණ.
තුර්කි වේලාවෙන් ඊයේ අලුයම සිදුවූ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව තිබුණේ, මැග්නිටියුඩ් ඒකක 7.8 ක් ලෙසයි. ඉන් පැය 12කට පසු උතුරු දෙසට වන්නට තවත් ප්‍රබල පසු කම්පනයක් වාර්තා විය.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS