Stein Studios 14 වැනි සංවත්සරය

Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..

by Staff writer 06-02-2023 | 10:32 PM

COLOMBO ( News 1st ) - අපේක්ෂාව මල්පල ගන්වා අදට වසර 14ක්..

14 වසරක් සපිරෙන stein studios මෙරට ප්‍රේක්ෂකයින් වෙනුවෙන් තිළිණ කළ නිෂ්පාදන ගණනත්, තරු ගොන්නත් අතිමහත්ය. 

දකුණු ආසියාවේ අති නවීනතම පහසුකම් වලින් යුත් Stein Studios තුළ කෙරෙන නිමැවුම් ප්‍රමාණය අති මහත් ය.  

ජාත්‍යන්තරව කීර්තියට පත් වරලත් වැඩසටහන් ඒ අතරින් සුවිශේෂියි.   

මේ වනවිට Stein Studios තුළ එවැනි වරලත් වැඩසටහන් තුනක් එකවර නිෂ්පාදනය කිරීම මෙරට ටෙලිවිෂන් වංශ කතාව තුළ ලියවෙන නව පරිච්ඡේදයක් වන අතර Stein Studios තුළ නිෂ්පාදනය කෙරෙන “ද වොයිස්”  මෙරට ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් වැඩසටහනකි.  

මෙරට ගායන ක්ෂේත්‍රයට තරු ගොන්නක් බිහිකළ “The voice” නවතම දිග හැරුමේ උච්චතම ස්ථානයට  මේ වන විට ක්‍රමයෙන් ළං වෙමින් සිටින  අතර Stein Studios තුළ නිමැවෙන තවත් වරලත් වැඩසටහනක් වන Money Drop මෙරට ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රිය යි. 

තවත් ජාත්‍යන්තර වරලත් වැඩසටහනක් සඳහා Stein Studios සූදානම්.   

ඒ ලොකු කුඩා කවුරුත් ආදරයෙන් වැළඳගත් ලක්ෂපති වැඩසටහනේ 10 වන අදියරයි.    

The voice, Money Drop, ලක්ෂපති ජාත්‍යන්තර වරලත් වැඩසටහන් තුන එකවර නිෂ්පාදනය කරමින් මෙරට ප්‍රේක්ෂක වින්දනය නව මානයකට ගෙන යාමත්, ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදනයේ වාර්තා අතරට එක්වීමේත්,  ගෞරවය Stein Studios වෙත හිමිය.