දර්ශන හඳුන්ගොඩට ඇප

CID අත්අඩංගුවට පත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට ඇප

by Staff writer 06-02-2023 | 2:55 PM

COLOMBO ( News 1st ) - සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඇප මත මුදාහැර තිබේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්විය. 

 ඒ, ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදීයී.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ආන්දෝලනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව, අපරා‍ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.