සත්‍යග්‍රහයට එල්ල කළ ප්‍රහාරයේ විමර්ශන වාර්තාව අද

මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයේ මූලික විමර්ශන වාර්තාව අද නිකුත් වෙයි..

by Staff writer 06-02-2023 | 10:00 AM

COLOMBO ( News 1st ) – නිදහස - සාමකාමි සත්‍යග්‍රහයට මරදානේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයේ මූලික වාර්තාව අද(06) ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. 

අදාළ වාර්තාව මත පදනම්ව, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

සිද්ධිය වූ ස්ථානයට ගොස් මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමක් මූලික විමර්ශන ආරම්භ කළේ ය.  

සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා පස්වරුවේ එම සත්‍යග්‍රහය ආරම්භ කළේ, විශාල වියදමක් දරමින් 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමින් ය.

එම ස්ථානයට පැමිණි පිරිසක් සත්‍යග්‍රහයේ නිරත පිරිස සමග නොසන්සුන්තාවක් ඇතිකර ගැනීමට උත්සාහ කළේ ය. 

පසුව සත්‍යග්‍රයේ නිරත පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.