තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්...

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්... සයිප්‍රසය, ජෝර්දානය, ඉරානය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම්

by Sagarika Chathumali 06-02-2023 | 8:23 AM

COLOMBO ( News 1st ) -  තුර්කියේ  මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබේ. 

විදෙස් මාධ්‍ය  ගිනිකොනදිග තුර්කියේ සිරියා දේශසීමාවට ආසන්නයේ සිදු වූ මෙම භූ කම්පනයෙන් සප්‍රසය, ග්‍රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව සහ ඉරාකය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම් එල්ල වී ඇති බවයි. 

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, පසු කම්පන කිහිපයක් ද සිදුව ඇති බවයි. 

තුරිකි ආගනුවර ඇතුළු නරගවලට මෙන්ම කාලපය පුරා  පොහෝ ස්ථානවලට මෙම භූ කම්පනය දැනී ඇතැයි, විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ. 

භූ කම්පනයත් සමග ප්‍රදේශයේ ගොඩනැගිලි කඩා වැටී ඇති බවට ඇතැම් විදෙස් වාර්තාවල සඳහන් වුවද  ඒ සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.